නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වු යානයේ සිට පුද්ගලයින් 68 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ කාර්ය මණ්ඩලය 04 දෙනකු ගුවන් යානයේ සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කත්මන්ඩු නුවර සිට පැමිණි ද්විත්ව එන්ජින් ATR 72 ගුවන් යානය හිමාල කඳුකරයේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන Pokhara වෙත ගොඩබෑමට පෙර කඩා වැටුණේය.
මෙම ගුවන් යානයේ සුන්බුන් අතරින් සොයා ගත් ජංගම දුරකථනයක ගුවන් යානයේ අවසන් මොහොතේ ඉතා කලබලකාරී අවස්ථාවන් ග්‍රහණය කරගෙන ඇති විඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
සමාජ මාධ්‍ය තුළ සැරිසරන මෙම වීඩියෝවේ ගුවන් යානය තුළ වාඩි වී සිටින මගීන්ගේ දර්ශන සමඟින් මෙම යානය ගොඩබෑමට පෙර ජනේලයෙන් පහළින් පෙනෙන නගරය පෙනීයයි.
අනතුරුව හදිසියේම පිපිරීමක් ඇති වන අතර අවසාන තත්පර කිහිපය ජනේලයෙන් පිටත බිහිසුණු ගින්නක් පෙන්වන අතර කලබලයට පත් මගීන්ගේ කෑගැසීම් ඇසෙනු ඇත.
එම වීඩියෝව පහතින් නරඹන්න.
- -අනුරාධ වාසල