මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට කැපී පෙනෙන නායකත්වයක්.!

අධ්‍යාපනය අමාත්‍යාංශයේ නව ලේකම් වරයා ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර ඊයේ (02) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී එතුමිය සිය තනතුරේ වැඩකටයුතු ආරම්භ කළා ය.


2021 වර්ෂයේ දී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිණියක් වන තිලකා ජයසුන්දර, පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය සහ ව්‍යාපාර කළමනාකරණපති උපාධියද ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා සිටී.

මීට පෙර ඇය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස හා ඊට සමගාමීව ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙස ද, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙසද, යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් ද, එමෙන් ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස ද සේවය කරමින් අත්දැකීම් ලබා ඇති රාජ්‍ය නිළධාරියෙක් බව වාර්තා වේ.

එමෙන්ම ඇය ඵලදායිතා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ මෙන් ම ව්‍යාපෘති කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලන, මානව සම්පත් කළමනාකරණය, සැලසුම් සහ අධීක්ෂණය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, දැනුම කළමනාකරණය, හරිත ඵලදායිතාව, නවෝත්පාදනය සහ මානව කේන්ද්‍රගත ඵලදායිතාව ඇතුළු ක්ෂේත්‍ර රැසකද අත්දැකීම් සහිත නිලධාරිනියකි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close