ඉතිහාසයේ ප්‍රථම වරට පුද්ගලයින් තිදෙනෙකුගේ DNA මගින් දරුවෙකු උපත ලබයි.!

සාමාන්‍ය දරුවකු උපත ලබන්නේ පුද්ගලයන් දෙදෙනෙකුගේ DNA එකතුවකිනි.නමුත් ඇමෙරිකාවේ පර්යේෂකයන්ට කාන්තාවන් දෙදෙනෙකුගේ සහ එක් පිරිමි පුද්ගලයෙකුගේ DNA එකතු කිරීමෙන් දරුවකුට උපත ලබාදීමට හැකිවිය.

භයානක මයිටොකොන්ඩ්‍රිය රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීමට මෙම පුරෝගාමී තාක්‍ෂණයට හැකිවනු ඇත.

මයිටොකොන්ඩ්‍රිය යනු සුව කළ නොහැකි ප්‍රවේනිගත රෝගයකි. දරුවකු උපතින් දින කිහිපයක් තුළ හෝ පැය කිහිපයක් ඇතුළත මෙය මාරාන්තික විය හැක.එමගින් මොළයට හානි වීම, මාංශ පේශි ක්ෂය වීම, හෘදයාබාධ හා අන්ධභාවය ඇතිවේ.

එලෙස උපත ලබන විශේෂ දරුවන්ගේ රහස්‍යභාවය රැකීමට පර්යේෂකයන් බැදී ඇතිබැවින් ඔවුන්ගේ අනන්‍යතාවය හෙලිකිරීමට නිව්කාසල් පර්යේෂක කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close