මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සදහා පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට නවීන තාක්ෂණය භාවිතා කළයුතු බවත් ඒ සඳහා සීමිත බිම් ප්‍රමාණයක වැඩි අස්වන්නක් නෙලා ගැනීමට අවශ්‍ය තාක්ෂණය භාවිතා කළ යුතුව තිබෙන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කරයි.