අවුරුදු උත්සව සම්බන්ධව අනතුරු ඇඟවීමක්.!

ඇරඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු කාලයට සමගාමීව පැවැත්වෙන බක්මහ උලෙළ සඳහා සංස්කෘතික විරෝධී ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒවාට එරෙහිව නීතිමය කටයුතු සිදුකරනා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය.

සමහරක් අවුරුදු උත්සවවල දක්නට ලැබෙනා සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම සම්බන්ධව යෝජනා ඉදිරිපත් කිරීමේ අද (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

බක්මහ උලෙළ සම්බන්ධ උපදේශන මාලාවක් මේ වනවිටත් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති අතර ඊට අනුකූලව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර ලියාපදිංචි කළ යුතු බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා ප්‍රදේශයේ අදාල පොලීසියේ  අනුමැතිය ලබා ගත යුතුය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ, අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් නොගැලපෙන අංග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති ප්‍රකාරව ක්‍රියාත්මක වන බවය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement