අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි.!

අද (10) දින සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා ඇත.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව එලෙස ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම සිදු කළේය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement