එරට නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩන් සිය ධුරයෙන් පෙබරවාරි මස 07 වනදා ඉවත් වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගමැතිනි ජෙසින්ඩා ආර්ඩන් වසර හයක් සේවය කළ අතර ඇය කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන්නේ එළඹෙන පෙබරවාරි 07 වැනිදාට පසුව බවද දැනුම් දෙයි.
අනතුරුව ඇයගේ ආදේශකය තීරණය කිරීම සඳහා ඉදිරි දිනවලදී ඡන්දයක් පැවැත්වීමට නියමිත අතර නවසීලන්ත මහ මැතිවරණයක් එළඹෙන ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
ජෙසින්ඩා ආර්ඩන් පසුගිය 2017 දී අගමැති ලෙස තේරී පත් වූයේය.ඒ වයස අවුරුදු 37 දී ලොව ලාබාලතම අගමැති කාන්තා නායිකාව බවට පත්විය.
වසරකට පසුව ඇය බලයේ සිටියදී දරුවෙකු බිහි කළේය.42 හැවිරිදි ආර්ඩර්න් පැවසුවේ ගිම්හාන විවේකයේදී ඇගේ අනාගතය ගැන සලකා බැලීමට කාලය ගත වූ බවයි.
-අනුරාධ වාසල