වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දී ඇත.
නවසීලන්ත 41 වැනි අගමැතිවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දුන් අතර ඔහු 44 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව ඇත.
නවසීලන්ත අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ තමන් ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුවයි.
නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් නිල වශයෙන් බලයට පත්වීමෙන් පසු සදහන් කළේ, “මෙය මගේ ජීවිතයේ ලොකුම වරප්‍රසාදය සහ වගකීමයි.. ඉදිරි ඇති අභියෝග ගැන මම ජවසම්පන්න සහ උද්යෝගිමත් වෙමි.” යනුවෙන්ය.
හිටපු අගමැතිනිය ලෙස කටයුතු කළ ජසින්ඩා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර, සිය ගනනක් නරඹන්නන්ගේ අත්පොලසන් නාදයක් මැදින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටව ගියේය.
-අනුරාධ වාසල