නව රජයෙන් කොළ එළියක්.. ජනතාව මග බලා සිටි නියෝගය ලබා දෙයි.!

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ මහ බැංකු මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ නැවත ආරම්භ කළ බවයි.

එමෙන්ම නව රජයේ මැතිවරණ පොරොන්දුවක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා, වරප්‍රසාද යළි සලකා බැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍ර සිරිගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව මහ මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන්ද අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් බිලියන 11ක මුදල වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමි වූ බවයි.

Loading

One thought on “නව රජයෙන් කොළ එළියක්.. ජනතාව මග බලා සිටි නියෝගය ලබා දෙයි.!

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement