අද රැස්වු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් රටේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇත.
එලෙස තීරණය කර ඇත්තේ උතුර, නැගෙනහිර පලාත් සහ පොළොන්නරුව දිස්ත්රික්කයට ‘අත’ ලකුණින් පමණක් ශ්රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ කිරීමටය.
තවද කොළඹ, කුරුණෑගල, පුත්තලම, මොනරාගල, හම්බන්තොට දිස්ත්රික්ක සඳහා ‘හෙලිකොප්ටරය’ ලකුණින් නිදහස් පක්ෂය තරග කිරීමට තීරණය කර ඇත.
රටේ අනෙකුත් ඉතිරි දිස්ත්රික්ක සඳහා අත හා හෙලිකොප්ටරය යන ලකුණු දෙකම භාවිතා කරමින් තරග කිරීමට සාකච්ඡා තවදුරටත් සිදුකරයි.