ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට බැදී සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව සදහන් කරයි.
පසුගිය පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස නියෝග කර ඇත.
පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් සුදුසු පියවර ගනු ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව තවදුරටත් සදහන් කරයි.