නිලන්ත ජයවර්ධන අධිකරණයෙන් සමාව ඉල්ලයි.!

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බව අධිකරණය හමුවේ පෙනී සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනුම් දුන්නේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ගැන කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව නිලන්ත ජයවර්ධන සිය නීතිඥවරු මාර්ගයෙන් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුකරය අද දහවල් කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, වගඋත්තරකරු විසින් අද දින ඔහුට නියම කළ වන්දි මුදලේ ඉතිරිය වූ රුපියල් මිලියන 65ක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බව සදහන් කළේය.

අනතුරුව මෙම නඩු කටයුත්ත යළිත් එළඹෙන නොවැම්බර් මස (18) වනදා කැඳවීමට නියම කළේය.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments