නිමල්ගේ හදිසි අවශ්‍යතාව සතේකට ගණන් නොගනී.. ඉවතට.!

අධිකරණ වාරණයක් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා විධිවිධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී ඇති බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ලිපියක් යවා ඇත.

පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම ලබන සඳුදා (08) දින පෙරවරු 10.00ට කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල වෙත අමාත්‍යවරයා එම ලිපිය යවා ඇත.

අමාත්‍යවරයා එම ලිපියෙන් තවදුරටත් සදහන් කර ඇත්තේ, එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙසයි.

කෙසේ වෙතත් එම ලිපියට පිළිතුරු ලෙස පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා සදහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන්  බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවයි.

අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගයේ ඇතුළත් කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නැති බවද වැඩ බලන මහලේකම්වරයා අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ තවදුරටත් සදහන් කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement