මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය සදහා කැදවූ නාම යෝජනා අවලංගු කිරීම මේ මොහොතේ කල නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
කැදවූ නාම යෝජනා අවලංගු කිරීම සිදුකල යුත්තේ පාර්ලිමේන්තු පනතකින් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින්ද පසුව බවද හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට කැදවු නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා සදහන් කළේය.