ටැම්පිටියේ සුගතානන්ද හිමියන්, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් සුමිත් හේමන්ත, සුළු සේවක මංජුල නෙලුම්දෙනිය, සෞඛ්‍ය කාර්යය සහායකවරුන් වන සුසන්ත පුෂ්පකුමාර, ප්‍රියන්ත හා සොයිසා යන අයට පෙබරවාරි මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර ඇත.
කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
ඒ කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සිදුකළ බව කියන ප්‍රකාශයකට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ කනිෂ්ට සේවකයන් පිරිසක් ඉකුත් 19 වනදා ඔහුගේ නිල කාමරයේ පැය පහකට ආසන්න කාලයක් ඔහුව සිරකර තබාගෙන සිටියේය.