එළඹෙන අලුත් අවුරුද්දට සමගාමීව දිවයින පුරාම සිදුවන අනතුරු සහ මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දැකිය හැකි බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග සදහන් කරයි.
මෙම කාලයේදී රිය අනතුරු වලින් රෝහල් ගත කරන ප්‍රමාණය 3%කින් පමණ වැඩි බවත් අනතුරු අතර හිසට සහ මුහුණට සිදුවන අනතුරු වැඩි වීමක් දකින්නට ලැබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.
අවුරුදු කාලයේ මත්පැන් භාවිතය වැඩි වන බවත් එයද අනතුරු වලට හේතු වන බවත් අනෙකුත් කාලවලට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.
මේ අනුව වෙනත් කාලවලදී 20%ක් පමණ වන කාන්තා මරණ අවුරුදු සමයේදී 33%ක් දක්වා වැඩි වන බවත් ඒ අතරින් අවුරුදු 50- 60 වයස් කාණ්ඩවල සිදුවන මරණ සංඛ්‍යාව වැඩි බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.
මෙම කාලයේදී දියේ ගිලී සිදුවන මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දැකිය හැකි බවත් දෙමාපියන් කුඩා දරුවන් පිළිබඳ අවධානය අඩු වීම හේතුවෙන් සිදුවන අනතුරුවල යම් ඉහළ යාමක් ඇති බවද වෛද්‍යවරයා සදහන් කරයි.
අද දින (03)සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මේ බව සදහන් කරයි.