සමගි ජන බලවේගයේ අභියෝගය ජාතික ජන බලවේගය පිලිගනී.!

සමගි ජන බලවේගය අවස්ථාවන් ගණනාවකදීම ජන බලවේගයේ ආර්ථික කමිටුව සමග විවාදයක් පැවැත්වීමට ආරාධනා කර ඇති බවත්, එම අභියෝග භාරගැනීමට තම කණ්ඩායම සූදානම් බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කලේ මෙරට දේශපාලනයේ ගුණාත්මකභාවය රැකගැනීමට නම් පක්ෂ අතර ප්‍රතිපත්තිමය සංවාදයක් තිබිය යුතු බව තමන් විශ්වාස කරන බවත් ඕනෑම වේලාවක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග ප්‍රතිපත්තිමය විවාදයකට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක සූදානම් බවත්‍ ය.

ඉදිරි මැතිවරණයට පෙර එම ඉල්ලීම ලිඛිත ආරාධනාවක් ලෙස ලැබේනම් ඒ සඳහා සූදානම් බවද ඔහු සඳහන් කළේය.

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස ඒ සඳහා අකමැති නම්, ඒ පිළිබඳ තම පක්ෂයට දැනුම් දෙන ලෙසත්, එසේ වුවහොත් ඉන් අනතුරුව විවාදය පවත්වන්නේ කා සමඟදැයි සාකච්ඡා කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Loading

RSS