ඡන්දෙන් පස්සෙ සිය ගුණයකින් බදු වැඩිකරනවා.. මේ අපායේ ඉන්ටර්වල් එක.!

ජාතික ජන බලවේග පක්ෂයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සදහන් කළේ, මෙම බදු අඩු කිරීම තාවකාලික උප්පරවැට්ටියක් වන බවත් “අපායේ ඉන්ටවල් එකක්” ලෙස සැලකීම වඩාත් උචිත බවත්‍ ය.

එමෙන්ම රටට අවශ්‍ය ස්ථිර කාලීන දේශපාලනික විසදුමක් බවත් මැතිවරණ ඉලක්ක කරගනිමින් බදු අඩු කිරීම හරහා ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවද සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

මැතිවරණයෙන් පසු සියලු රැවටීම් අවසන් වී සිය ගුණයකින් දහස් ගුණයකින් යළි බදු ඉහළ දමනු ඇති බවත් ඉතිහාසය පුරාවට සිදුවූයේ ජනතාවට බදු පිට බදු ගසා කුඩා සහනයක් දීම බවද ඔහු සදහන් කරයි.

ගැටළුවට විද්‍යානුකූල විසඳුම් සෙවීම පසෙකලා ඒ වෙනුවට පාලකයන්ගේ ප්‍රශ්න වලට ඒ අය විසඳුම් සොයමින් සිටින බවත් ගැටළුවට නිසි විසඳුම් නොලැබුනහොත් මීට වඩා බරපතල තත්වයකට මුහුණ දෙන්න සිදුවන බවද ඔහු අවධාරණය කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close