වෙළඳපොළ සාධක සැලකිල්ලට ගෙන ගෙවීමක්.!

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර් ග්‍රහණය කර ගැනීමටත් මේ වන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් තීරණය කර ඇතැයි රජය සදහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

බැංකුවේ සේවකයින් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කරමින් පවතින අතර විකල්පයක් වශයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, එම සේවකයින් සඳහා වෙළඳපොළ සාධක සැලකිල්ලට ගෙන ගෙවීමක් කිරීමටද තීරණය කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement