අද (31) දහවල් නුවරඑළිය නගරයේ පිහිටි හෝටලයක හදිසි ගින්නක් හටගෙන ඇති බව නුවරඑළිය පොලීසිය සදහන් කරයි.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මුළුතැන්ගෙය තුළ ගින්න හටගෙන ඇති බවත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද පොලීසිය සදහන් කරයි.
නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.