අලදෙණිය පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු පාසැල් සිසුවියක පැහැර ගෙන යමින් සිටි හතර දෙනකු සහ ඒ සඳහා යොදාගත් වෑන් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (15) සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට සහභාගී වී කුළුගම්මන ප්‍රදේශයේ තම නවාතැන්පොල කරා යමින් සිටි පාසැල් සිසුවියක් යටිහලගල හන්දියේදී පැහැර ගැනීමට ලක් වී ඇති බව පොලීසිය පවසයි.
සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මඟ හරස්කොට වෑන් රථයේ පැති දොර ඇර අදාල තරුණිය බලහත්කාරයෙන් පටවාගෙන ඇති අතර ඒ අසල සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙකු එය වැළැක්වීමට දැරූ උත්සාහයේදී පැමිණි පිරිස එම සිසුන් දෙදෙනාට පහරදී ඇත.
පසුව එම සිසුන් දෙදෙනා සිදුවීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකථනය මාර්ගයෙන් දැනුම් දී ඇති අතර ඒ හරහා ක්‍රියාත්මක වූ අලදෙණිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමක් වෑන් රථය හඹා ගොස් සැකකරුවන් සහ එම වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සිසුවිය නිරුපද්‍රිතව මුදාගෙන ඇති බව වාර්තා වේ, පොලීසිය විසින් ක්‍රියාත්මක කළ ක්ෂණික මෙහෙයුම තුලින් සිදුවීමට ගිය මහා අණතුරක් වැලකී ඇත.
මේ වනවිට සිසුවිය රෝහල් ගතකර ඇති අතර, වෑන් රථයේ රියදුරු ඇතුළු සැකකරුවන් සිව් දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.