සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසූ පිරිසට වැඩ වරදී.. දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වෙලා.!

ඊයේ (15) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවල ඇතිව තිබු ගැටලු ඇති වීමට හේතු හා එමගින් දරුවන්ට සිදුවන බලපෑම පිළිබඳව දැනුවත් කිරීමක් සිදු විය, එම සාකච්චාව සඳහා ගුරු නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානයේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික බෝසෙත් කළහේපතිරණ, විද්‍යා විෂය පි ළිබඳ ප්‍රවීණ ආචාර්ය ප්‍රියන්ත ජයසේකර, ප්‍රවීණ ඉංග්‍රීසි ආචාරිනී රේණුකා කහඳවල, සිංහල භාෂා පිළිබඳව ප්‍රවීණ ආචාර්ය නාලක ඇතුළු ප්‍රවීනයන් රැසක් සහභාගී වී සිටියා.

එහිදී එම කණ්ඩායම අනාවරණය කළේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා සම්බන්ධ කරගෙන ඇති පුද්ගලයන් ගජමිතුරු සංකල්පයෙන් තෝරාගෙන ඇති බවත්, ඔවුන්ට සාමාන්‍ය පෙළ විෂය මාලාවේ වපසරිය පිළිබඳව අවබෝධයක් නොමැති වීම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිර්මාණය වී ඇති බවයි.

පුද්ගලයන් රැකියා ගත කිරීමේදී, උසස්වීම් ලබාදීමේදී, උසස් පෙළ ඇතුළු රට තුළ පවත්වන බොහෝ විභග සඳහා තීරක සාධකයක් බවට පත්ව ඇති සාමාන්‍ය පෙළ විභාගයේ මෙවැනි ගැටලුවක් ඇතිවීම “කිරි හට්ටියට ගොම වැටුණා සේ” වන බව එහිදී අදහස් දැක්වූ බෝසෙත් කළහේපතිරණ මහතා පවසා සිටියේය.

පාසල් විෂය මාලාව තුළ යම් පරාසයක් පමණක් අධ්‍යනය කළ යුතු බවට චක්‍රලේඛණ මඟින් උපදෙස් දී තිබියදීත්, විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී එම පරාසයෙන් එපිට ප්‍රශ්න සකස් කොට ඇති බවට කළහේපතිරණ මහතා චෝදනා කරන ලදී.

Loading

One thought on “සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසූ පිරිසට වැඩ වරදී.. දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වෙලා.!

  • M. රත්නසිරි -

    අති පණ්ඩිත සිංහල O/L paper හදපු මහාචාර්ය වරු ළමයින්ට ලියන්න බැරි විදියට එක අමාරු කරලා හදලා උන් වැජබෙනවා. දැන් නාකින්ට
    වැජබෙන්න නෙවේ ඔනි. කුඩා දරුවෝ ඉදිරියට යවන එකයි කරන්න තියෙන්නේ. හණමිටි අදහස් තියන සිංහල ගුරෝලා.

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement