අ.පො.ස සාමාන්‍ය පෙළ තවත් අක්‍රමිකතාවක් මානව හිමිකම් යයි.!

ඊයේ (15) දිනයේ නිමාවට පත්වූ 2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් විශයන්ට අදාල ප්‍රශ්න පත්‍රවල ගැටළු තිබූ බවටත් විභාග ශාලා කිහිපයක අක්‍රමිකතා සිදුවූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ පසුබිමක සාමාන්‍ය පෙළ විභාගයේ තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කෙරුණි.

විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදුන් බවට පැමිණිල්ලේ ඉදිරිපත්වී තිබූ අතර එම සිදුවීමට මුහුණ දී තිබුනේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අල්අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනීසිටි දරුවන් පිරිසක්.

තවත් පැමිණිල්ලක සඳහන් වූයේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් දෙදෙනකුටත් විභාගය අතරතුර පරීක්ෂකවරුන්ගෙන් බාධා එල්ලවූ බවටයි.

කෙසේවෙතත් මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරනා බවටයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement