2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මෙමස 6 වැනිදා ආරම්භ වූ අතර එය එළඹෙන 15 වෙනිදා දක්වා පැවැත්වෙනවා.
ඒ යටතේ පසුගියදා පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අක්‍රමිකතා කිහිපයක් විභාග දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී තිබුනි.
එහි එක් සිදුවීමක් වූයේ ඉංග්‍රීසි විෂයට අදාල විභාගය පැවැත්වෙන අතරවාරයේ හසලක ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් විභාග ප්‍රශ්න පත්‍රය වට්සැප් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමයි.
මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමෙන් පසුව සැකකාර ගුරුවරයා විසින් පෙරවරු 9.11 වන විට අදාළ ප්‍රශ්න පත්‍රය වට්සැප් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.
ඒ අනුව අදාළ උපකාරක පන්ති ගුරුවරයාගේ ජංගම දුරකථනය සිය භාරයට ගැනීමට හසලක පොලිසිය පසුගියදා පියවර ගත් අතර විභාග කොමසාරිත් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව හසලක සැකකාර ගුරුවරයාද ඊයේ (12) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගුරුවරයා ප්‍රශ්න පත්‍රයේ මුදාහැර ඇති වට්සැප් සමූහයේ සාමාජිකයන් 1025 දෙනෙකු සිටින බව අනාවරණ වී තිබෙනා අතර අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා මැයි 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර ඔහුට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගත කර එවීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂක වරියක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.
එවන් පසුබිමක අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග ශාලාවලට අතිරේක නිලධාරීන් යෙදවීමට විභාග තෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයු
අධ්‍යාපණ අමාත්‍යවරයා,
“විභාගය පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන්නේ විභාග කොමසාරිස්ට විභාග පනත අනුව, ඒ සම්බන්ධයෙන් විවාහ කොමසාරිස් වරයා පොලීසියටත් පැමිණිලි කරලා අදාල කටයුතු කරගෙන යනවා, මේ නොකළ යුත්තක්නේ කරලා තියෙන්නේ, ඒ අයට විභාග පනත අනුව දැඩි දඬුවම් ප්‍රමාණයක් ලැබෙයි, කවදාවත් සමහර වෙලාවට විභාගයකට පෙනීසිටින්න බැරිවෙයි, මේ වෙනකොට විභාග කොමසාරිස් තීරණය කරලා තියනව විභාග ශාලාවල සුපරීක්ෂකවරු ප්‍රමාණය වැඩිකරන්න අතිරේක නිලධාරීන් යොදවලා”
පසුගියදා පැවතියේ විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේදී විෂය නිර්දේශයන් ඉවත් කළ කොටස්වල ඇතැම් පාඩම් ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත කර තිබීමද මේ වනවිට සාකච්ඡාවට ලක්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේඛම් ජෝසප් ස්ටාලින්,
“චක්‍රලේඛයක් නිකුත්කරලා තිබ්බ මේ විෂය මාලාව සම්බන්ධයෙන්, එහිදී විද්‍යාව ඉගැන්වීමදී සමහර විශය කොටස් ගණනාවක් ඉවත් කරලා තිබුනා, ඒ වගේම පැහැදිලිවම කියල තිබුනා ඒව විභාගෙට එන්නේ නෑ කියලා, ඒ නිසාම ගුරුවරු ඒ කොටස් ඉගැන්නුවේ නෑ, නමුත් විභාග ප්‍රශ්න පත්තරේ එවැනි කොටස් වලින් ප්‍රශ්න ඇවිති තියෙනවා”