අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා අවසන් තීරණය දැනුම් දෙයි.!

අද (13) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ප්‍රශ්නගත විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක විභාග අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

එහිදී ඇදහස් දැක්වූ අමාත්‍යවරයා..

” සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ රචනා ප්‍රශ්න කිහිපයක් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වූ වේලාවේ සිට ඒ ප්‍රශ්නපත්‍රය සකස් කළ කණ්ඩායම රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඕනෑම විභාගයක දී සාම්පල් මාර්ක් එකක් කරනවා. එතැනින් පස්සේ බරතැබීම සම්බන්ධයෙන් වෙනස්කම් කරනවා. ඒ නිසා දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට මාර්කින් ස්කීම් එක සකස් කිරීමට ඒ පැනල් එක කටයුතු කිරීමට නියමිතයි, ඒ වගේම විභාග කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළා.

මේ අතර අමාත්‍යවරයා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ගැටලුව සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් කියා සිටියේ, ලකුණු ලබා දීමේදී විභාග අපේක්ෂකයන් හට අසාධාරණයක් නොවීම සඳහා පියවර ගැනීමට ද කටයුතු කරනා බවයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement