අපොස සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

පසුගිය 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන දිනය පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.

සියලුම විෂය ආවරණ කටයුතු හා ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය මත ක්‍රියා කරන බවද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.

ඉගැන්වීම් ක්‍රියාවලිය මත සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද විභාග කොමසාරිස්වරයා තවදුරටත් සදහන් කරයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් විභාග කටයුතුවලට බාධා පැමිණීම හේතුවෙන් සියලුම විභාග කාලසටහන්වල වෙනසක් සිදුවිය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close