රජයේ නිලධාරින් විශාල පිරිසක් නීති විරෝධී මූල්‍ය ආයතන හා පිරමීඩ ක්‍රමවල රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අනාවරණය කරයි.
පොලිස් නිලධාරින්, විදුහල්පතිවරුන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, ගණකාධිකාරිවරුන්, අමාත්‍යාංශවල ඉහළ නිලධාරින්, උපකාරක පන්ති ගුරුවරුන් හා ස්වාමීන් වහන්සේලා පිරිසක් මුදල් ආයෝජනය කර ඇති බවට හෙළිවී ඇත.
නීති විරෝධී මූල්‍ය ආයතන හා පිරමීඩ යෝජනා ක්‍රමවල මුදල් ආයෝජනය කරන ලද පොලිස් නිලධාරින් විශාල පිරිසක් සිටින බැවින් ඔවුන් සම්බන්ධයෙන් සොයා බලන ලෙස පොලිස්පතිවරයාට මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය දැනුම් ඇත.
අනතුරුව පොලිස්පතිවරයා එම ආයතනවල මුදල් ආයෝජනය කළ පොලිස් නිලධාරින් පිළිබඳව වහාම සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.
රජයේ ඇතැම් නිලධාරින් අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් කෝටි ගණනක මුදලක් බැංකු වල තැන්පත් නොකර නීති විරෝධී මූල්‍ය ක්‍රමවල ආයෝජනය කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ.