පසුගිය 2022 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය බෙදාහැරීම මේ වන විට අවසන් කර ඇති බවත් දින 05 කට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහරින බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, බන්ධනාගාර රැඳවියන් හා පිලිකා රෝගීන් සඳහා මෙවරත් අපොස සාමාන්‍ය පෙළ විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.
තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු වැළඳුන අපේක්ෂකයින් සදහා විශේෂඥ උපදෙස් මත ඔවුන්ට ආසන්නතම විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.
සෑම අයදුම්කරුවෙකුම ඩෙංගු රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ශරීරය ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය අනිද්දා (29) සිට ආරම්භ වන බවත් මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් හාර ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුන් දෙනෙකු පෙනී සිටින බවත් විභාග මධ්‍යස්ථාන 3,568කදී විභාග පැවැත්වෙන බවද විභාග කොමසාරිස්වරයා තවදුරටත් සදහන් කරයි.