සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුවේ ඇත්ත විභාග කොමසාරිස් හෙළිකරයි.!

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදුන් පාසල් සිසු දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.

මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදීම සම්බන්ධයෙන් 100%ක්ම වැරදී රාජකාරි සිදුකළ අදාළ නිලධාරීන් බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.

අදාළ විභාග ශාලාවල රාජකාරි සිදුකළ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර තවදුරටත් සදහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධව ලැබුණු පැමිණිලි මත සිදුකෙරෙන විමර්ශනවලට අදාළව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබු අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement