ලොකු ලූණු තුට්ටු දෙකට වැටෙයි.!

ඉන්දීය ලූණු අපනයන තහනම ඉවත් කිරීමෙන් පසු මෙරටට විශාල ලෙස ලොකු ලූණු ආනයනය කිරීම හේතුවෙන් මේ වනවිට ලොකු ලූණු මිල අසාමාන්‍ය ලෙස පහත වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසයි.

මින් පෙර 650-700 අතර පැවති ලොකු ලූණු කිලෝවක් මේ වනවිට 150-200 අතර මිලකට පැමිණ ඇති බව පැවසේ.

මේ වනවිට ලූණු සඳහා වන ඉල්ලුම අඩුවීම හේතුවෙන් ඉදිරියේදී ලූණු මිල තව දුරටත් පහත බසිනු ඇති බවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරුවෝ පවසයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement