ලොකු ලූනු වලට ලොකු බද්ධක්.. ලූනු කා හමාර වන ලකුණු.!

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසන්නේ මේ වන විට දේශීය වෙළඳපොලේ ලොකු ලූනු මිල විශාල ලෙස පහත බැස ඇති අතර මෙම තත්ත්වය තවදුරටත් පැවතීමෙන් මෙරට ලොකු ලූණු ගොවීන්ට දැඩි අසාධාරණයක් ලක් වන බවයි.

රාජ්‍යය අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලා ඇත්තේ ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පැනවීමට අවධානය යොමු කරනා ලෙසටයි.

ලිපියක් යොමු කරමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙරට ලොකු ලුනු ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් ලොකු ලූණු කිලෝවක් සදහා රුපියල් 250ක මිලක්වත් වෙළෙඳපොළ තුල පවත්වා ගත යුතු බවයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement