මාලිමාව ආණ්ඩුවේ Online Tax ගැන අනුර කියයි.!

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාර හා මිලදීගැනීම සඳහා බදු අය කිරීම් සිදුකිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ සාකච්චා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අන්තර්ජාල ව්‍යාපාර බදු අයකිරීමට යටත් නොවන බවත් එම බිල් එකේ වෙනසක් කිරීමට සූදානම් බවත් අන්තර්ජාල ගණුදෙනු බදු ජාලයට ඇතුළු කිරීම ගැන සාකච්චා කරමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

” අපේ ඔන්ලයින් බිස්නස් අපේ ටැක්ස් එකට යටත් වෙන්නේ නෑනේ. දැන් ඔබ ඔය එක එක වගේ බඩු මිළදී ගන්නවනෙ. ඒක ටැක්ස් වෙන්නෑනෙ කොතනකවත් හරිද. එතකොට ඒක අපි බිල් එකේ පොඩි වෙනසක් කරන්න තියෙනව. ඔන්ලයින් ගනුදෙනු අපි ටැක්ස් ජාලයට ඇතුළු කරගන්නෙ කොහොමද.”

නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement