දකුණේ අපරාධකරුවන් මරණයට බිය වී කොළඹ සැගවෙයි.!

දකුණු පළාතේ හදිසි STF මෙහෙයුම් ඇරැඹීමත් සමග මරණය⁣ට ඇති බිය නිසා සංවිධානාත්මක අපරාධකරුවන් දකුණු පළාතෙන් කොළඹට පැනගොස් ඇති බව වාර්තා වේ.

විදේශ රටවල සිටින අපරාධකරුවන් විසින් එම පුද්ගලයින්ට ප්‍රදේශවලින් පැන යන ලෙසට දන්වා ඇති බවත් තම ආරක්ෂාව වෙනුවෙන් සැගවී සිටින ලෙසට දන්වා ඇති බව බුද්ධි අංශ තොරතුරු මගින් අණාවරණය වී ඇත.

අවි ආයුධ සන්නද්ධව STF නිලධාරීන් සැකකටයුතු පුද්ගලයන්ගේ නිවෙස් සහ ඔවුන් රැඳී සිටින ස්ථාන සෝදිසි කිරීමත් සමග තුවක්කුකරුවන් සහ ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයින් කොළඹට පළා ගොස් ඇති බවද වාර්තා වේ.

ඇල්පිටිය සහ මාතර පොලිස් කොට්ඨාසවල පාතාල තුවක්කුකරුවන් සොයා STF නිලධාරීන් 400ක් පමණ මෙහෙයුම් අරඹා ඇති බව වාර්තා වේ.

Loading

RSS