පිළිකාව දරුණු වෙයි.. දෛනිකව තිදෙනෙකු මරුට.!

ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව පුද්ගලයන් තිදෙනෙකු මියයන බවත් දෛනිකව මුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු පමණ අලුතින් හඳුනාගන්නා බවද මහරගම මුඛ සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක සදහන් කරයි.

වයස අවුරුදු 05ක දරුවන්ගෙන් 63%කගේ දත් දිරාගොස් ඇති බවත් බහුතරයක් රාත්‍රියේ නින්දට පෙර දත්මැදීම සිදුනොකරන බවට පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මේ බව සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement