අන්තරේ විරෝධතාවට අධිකරණයෙන් නියෝගයක්.!

අද (10) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කර ඇති විරෝධතාවකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇත.

අන්තරේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති අතර අධිකරණ නියෝගය කඩ කරමින් කටයුතු කරන උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එහෙත් සාමකාමී ලෙස උද්ඝෝෂණ සිදුකළ හැකි බවත් රාජ්‍ය නිලධාරීන්ට අයුතු අවහිරයක් සිදු නොකරන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා අන්තරේ උද්ඝෝෂකයින්ට සිය නියෝගය මඟින් දන්වා ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close