ගම්පහ වනජීවී ලොක්කාට වැඩ වරදී.. පඬුකරද ගස කැපීම⁣ට උසාවි කැදවයි.!

ගම්පහ දාරළුව ප්‍රදේශයේ පඬුකරඳ ගස කපා වළ ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගම්පහ මහේස්ත්‍රාත්වරිය විසින් ගම්පහ අඩවි වන නිලධාරීවරයාට ලබන (21) වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.

මේ වනවිට රතු දත්ත පොතේ නම සඳහන් වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙන පඬු කරඳ ගස නීති විරෝධීව කපා ඉවත්කර ඇති බව දන්වමින් ගම්පහ අඩවි වන කාර්යාලය විසින් ගම්පහ අධිකරණයට කරුණු දක්වා ඇත.

කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව පඬු කරඳ ගස රාත‍්‍රියේ හොර රහසේ කපා වළ දමා ඇති බවට කැබිනට් ඇමතිවරයෙකු ප්‍රකාශ කර ඇති බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

එම අපරාධය කර ඇති පුද්ගලයන් හා යන්ත‍්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බැවින් ඒ සදහා නියෝගයක් නිකුත් කරන්නැයි ගම්පහ අධිකරණයෙන් ඉල්ලා ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close