පාසලේ විනය භාර ගුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් එම සිසුන් අද (26) දින අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය සදහන් කරයි.
මෙම පහරදීමට පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත් සිසුන් 04 දෙනෙකු අද (26) දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 25 දෙනෙකු එක්වී ගුරුවරයාට මෙම පහරදීම සිදු කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.