පාකිස්තාන සටන්කාමීන් ඉන්දීය හමුදාවට ප්‍රහාරයක් එල්ල කරයි.!

ජම්මු සහ කාශ්මීරයේ කතුවා ප්‍රදේශයේදී ඉන්දීය හමුදා ට්‍රක් රථයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුෂ්කර භූමි ප්‍රදේශය නිසා ට්‍රක් රථයට පැයට කිලෝමීටර් 10-20 ක උපරිම වේගයකින් යා හැකි කඳු මුදුනක සිට එම හමුදා රථයට වෙඩි තබා අත්බෝම්බයක් විසි කර ඇති බව සදහන් කරයි.

ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය පිළිබඳ ඔත්තු බැලීමක් සිදු කර ඇති අතර ඔවුන්ට ප්‍රදේශයේ සහායද ලැබී ඇති බවත් ඔවුන් අසල කැලෑවකට පලාගොස් ඇති බැවින් ඔවුන් සොයා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

පාකිස්තාන සටන්කාමීන් යැයි සැකකෙරෙන පිරිසක් විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කෙරෙන අතර ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close