By unusuma.lk on
(LK time)මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන් කල් තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළු පිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසූවේ එම මැතිවරණය සම්බන්ධයෙන් ලබාදී ඇති උසාවි නියෝගය අනුව එම නාමයෝජනා පත්‍ර අනුවම කිසිදු වෙනස් කිරීමකින් තොරව නැවත පැවැත්විය යුතුව තිබෙන බවත් එම කාලය තුළ පක්ෂ මාරු කළ පුද්ගලයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ය.
එම නිසා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන් හෝ එවකට ඔවුන් සිටි පක්ෂය මාරු කොට එම පක්ෂය තුළින්ම මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළද මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණ ගැනීමට පක්ෂ ලේකම්වරුන්ට බලය හිමි බවද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.