නව රජයේ තීරණයකට එරෙහිව පැලැවත්තේදී පලමු විරෝධතාව ආරම්භ වෙයි.!

අද (30) ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ගේ දෙමාපියන් බව කියන පිරිසක් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවයක් ආරම්භ කළහ.

එම ගැටලුව පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් විද්වත් කමිටුවක් පත් කළ අතර අදාළ ප්‍රශ්න තුනක් සදහා සම්පූර්ණ ලකුණු ලබා දීමටත් යළි ශිෂ්‍යත්ව විභාගය නොපැවත් වීමටක් එම විද්වත් කමිටුව විසින් ඊයේ දිනයේ තීරණය කර තිබුණි.

කෙසේවෙතත් විරෝධතාකරුවන් පවසන්නේ ශිෂ්‍යත්ව විභාගයේදී ලබා දී තිබූ ප්‍රශ්න අටක් විභාගයට පෙර පිටස්තර පුද්ගලයන් වෙත ලැබී තිබූ බවට අදාළ සාක්ෂි සහිතව විභාග කොමසාරිස්වරයාට ඉදිරිපත් කර තිබියදීත් ප්‍රශ්න තුනක් සම්බන්ධයෙන් පමණක් සඳහන් කරමින් කටයුතු කිරීම ගැටලු සහගත බවයි.

Loading

2 thoughts on “නව රජයේ තීරණයකට එරෙහිව පැලැවත්තේදී පලමු විරෝධතාව ආරම්භ වෙයි.!

  • Ranjith jayasinghe -

    විභාගය නැවත පවත්වන්න. ශිෂ්‍යයින්ට ලොකු අසාධාරණයක් වෙනව, විභාග වංචනිකයන්ට මරණ දඩුවම ලැබෙන නීති ඉදිරියේ දී සම්මත කරන්න. බොහෝ විභාග වංචා හෙළිදරව් වෙන්නෙත් නෑ,

  • විභාග දෙපාර්තමේන්තුවේ අදාල නිළධාරීන් ජීවිතාන්තය දක්වා සිරිභාරයට ගැනීමත්, ටියුෂන් ගරැවරයාට පුද්ගලික පංති පැවත්වීම තහනම් කර සිර දඬුවම් ලබා දීමත් එම පංතියට සහභාගී වු සිසුන්ගේ නාම ලේඛණය අදාල ගුරැ වරයාගෙන් ලබගෙන එම ශිෂ්‍යයින්ගේ ලකුණු 6 බැගින් අඩු කිරීමට පියවර ගැනීම යහපත් යැයි මගේ අදහස

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement