අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගිය තවත් කාන්තාවක් මියයයි.!

පානදුර, දිග්ගල ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී ලෙස මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය කල වැටලීමකින් පසුව නිවසේ සිටි වයස අවුරුදු 51ක් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැ⁣ගෙන ගොස් ඇත.

අනතුරුව පානදුර උතුර පොලීසියේ නිලධාරීන් 04 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් නොමැතිව ත්‍රීරෝද රථයක දමාගෙන පොලීසිය ආසන්නයටම රැගෙන ගොස් ඇති බවද වාර්තා වේ.

එහිදී එම කාන්තාවට හදිසියේම ත්‍රීරෝද රථය තුළදී අසනීප තත්ත්වයක් උත්සන්න වී ඇතත් ඇයගේ අසනීප තත්ත්වය නොසලකා පොලිස් නිලධාරීන් ඇයව රැගෙන ගොස් ඇත.

අනතුරුව කාන්තාවගේ ඥාති පුත්‍රයින් දෙදෙනෙකු පොලීසියේ ත්‍රීරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලීසිය අසලදී පොලිස් නිලධාරීන් ඔවුන්ට මෙම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව රෝහලට රැගෙන යන ලෙස සදහන් කර ඇත.

එම පුත්‍රයින් දෙදෙනා ඇයව තවත් ත්‍රීරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් එම කාන්තාව රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවද සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close