වසර 28කට පසුව හෙට (10) දිනයේදී පාර්ලිමේන්තුවට විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සදහන් කරයි.
එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,
” වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මීට පෙර මුහුද යටින් අදින රැහැන් සඳහා නීති පැවතුනේ නැහැ. ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.
සියලුම සමාජ ජාලා පරිශීලකයින් ප්‍රමාණය මිලියන 60 සිට මිලියන මිලියන 74ක් දක්වා මේ වන විට වර්ධනය වී තිබෙනවා. එනමුත් ජාතික සයිබර් ආරක්ෂණ පනතක අවශ්‍යතාව පවතිනවා.
ඒ අනුව අදාළ පනත 2024 මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම SL CERT ආයතනය සමඟ එක්ව රාජ්‍ය ආයතන 29ක් සමඟ සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කර තිබෙනවා.”
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට අද (09) එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මේ බව සදහන් කරයි.