පළිබෝධ නාශක පනත සංශෝධනය ක‍රන්න සුදානම්.!

ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බැවින් පළිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් උපදෙස් ලබාදි ඇත.

පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන වල්නාශක හා පළිබෝධ නාශක ජාවාරම්කරුවන්ට රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු 03ක සිර දඬුවම් ලැබෙන පරිදි නව වගන්ති ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සදහන් කර ඇත.

තවද පළිබෝධ නාශක හා වල් නාශක වගාවන් සඳහා භාවිත කිරීමේදී ඒවායේ මිල ගණන් ඉහළ යාම රටේ ගොවි ජනතාවට දරාගත නොහැකි නිසා (ග්‍රෑම් 20) පැකට් වශයෙන් වෙළෙදපළට නිකුත් කිරීමට අවසර ලබා දීමටද තීරණය කර ඇත

වත්මන් නීති යටතේ ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල්නාශක අලෙවි කිරීම මෙන්ම නීති විරෝධි ලෙස ආනයන නීති උල්ලංඝණය කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන බවද කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close