ත්‍රස්ත විරෝධී පනත අඩියක් පස්ස තියයි.!

රටේම ජනතාව ආන්දෝලනයකට පත්කල ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමා ඇත.

විපක්ෂය සහ නීතීඥයින් කළ ඉල්ලීම් සලකා බලා එම තීරණය ගත් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සදහන් කරයි.

පනත් කෙටුම්පත අධ්‍යනය කර, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට අවශ්‍ය බව විපක්ෂය සහ නීතිඥයින් ඉල්ලීම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එළඹෙන අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු දිනක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close