නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත රටේ දුෂිතයන් ආරක්ෂා කරන පලිහක් බව ලංකා ජනතා පක්ෂයේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පුජ්‍ය අක්මීමන දයාරත්න හිමි පවසයි.
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත නීතියක් බවට පත් වූවොත් රටේ සාමාන්‍ය ජනතාවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන සටහන් ගැන දැඩි පාලනයකට ලක් වනු ඇතැයිද ලැබෙනු ඇති බවද අක්මීමන දයාරත්න හිමි පවසයි.
පනත සම්මත වූ පසු දේශපාලනඥයකුට හොරා කියන්න බැරි බවත් එලෙස කිව්වොත් ඔහුව අත්අඩංගුවට ගනු ඇති බවද පුජ්‍ය අක්මීමන දයාරත්න හිමි පවසයි.
එම ත්‍රස්ත විරෝධී පනත භයානක පනතක් බවත් ඉදිරියේදී මහින්ද රාජපක්ෂට හා බැසිල් රාජපක්ෂට හොරා කීවොත් ඇදගෙන ගොස් අත්අඩංගුවට ගන්නා බවද අක්මීමන දයාරත්න හිමි පවසයි.