ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරික ස්ථාන අත්පත් කර ගන්නා “පරාටේ නීතිය” වසර 5කට හෝ අත්හිටුවිය යුතු බවත් මිනිස්සුන්ට සහන දී ආරක්ෂා කල යුතු බවද ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ ලේකම් සරත් කරුණාදාස සදහන් කරයි.
ව්‍යවසායක අරගල මධ්‍යස්ථානයේ ලේකම් සරත් කරුණාදාස තවදුරටත් සදහන් කළේ,
“ව්‍යාපාර වහලා තිබුණ අවස්ථාවලදී ණය සහන ක්‍රමයේදී බැංකු විසින් කරපු කාර්යය තමයි සියලු පොලිය මුල් ණය මුදලක් ලෙස ගිවිසුම් වෙනස් කර ගත්ත එක විතරයි කළේ. අපි මේ ණය අරන් තියෙන්නේ නිකන් නෙමෙයි.
වටිනා දේපළ ඇපයට තියලා වසර 10කට 5කට ගෙවීමේ පදනම මත ගත්තේ. ණය පොලිය තුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. කිසිම දැනුවත් කිරීමකින් තොරව බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නෙරපා හැරීමේ නඩුව දාලා ව්‍යාපාරිකයා එළියට දානවා.
ව්‍යාපාරික ස්ථාන 440ක් 2022ක අවුරුද්දට අත්පත්කරගෙන තියෙනවා. මේ නිසා පරාටේ නීතිය අනිවාර්යයෙන්ම වසර 5කට හෝ අත්හිටුවන්න ඕන. මිනිස්සුන්ට සහන දීලා ව්‍යාපාර ආරක්ෂා කරගන්න ඕනේ.”