ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර නොබැලීමෙන් රටේ දරුවන්ට අසාධාරණයක් සිදුවන බැවින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ මවුපියෝ පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිය පෞද්ගලික ප්‍රශ්න වෙනුවෙන් රටේ පාසල් දරුවන් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙස ඉල්ලා සිටින බවද එහිදී මවුපියන් සදහන් කරයි.
රජය සහ ආචාර්යවරුන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට පැමිණ දින දහයක් ඇතුළත විසඳුමක් දුන්නේ නැතිනම් සමස්ත ලංකාවේම මවුපියන් එකතු වී පාරට එන දවස වැඩි ඈතක නොවන බවද මව්පියෝ සදහන් කරයි.