වෙරිටේ රිසර්චි විධායක අධ්යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකදී
ප්‍රකාශ කළේ මෙරට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 වසරේ සිට 2023 වසර දක්වා 111 වතාවක් සංශෝධනය වී ඇති බවයි.
2010 වසරේ සිට 2023 වසර 13 ක කාලය පුරාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව 10 වතාවක් අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට මාරු
කර ඇති බවත් 2020 වසරේදී එම දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරි මාර්ග භාග්රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර ඇති බවත් ඔහු එහිදී පෙන්වා දුනි.
තත්වය වැඩි දුරටත් පැහැදිලි කරමින් එතුමාපෙන්වා දුන්නේ වාර 111 ක් යනු ආසන්න වශයෙන් මසකට එක් වතාවක් බැගින් ගැසට් පත්‍රයක් හරහා මෙරට අමාත්‍ය මණ්ඩල සංයුතිය සංයුතිය වෙනස් කර ඇති බවයි.
එසේ සෑම මසකම ආමාත්යංශයක සංයුතිය වෙනස් වන විට ඵලදායිතාව ඉතා අඩු මට්ටමකට පැමිණෙන බව එතුමා උදාහරණ සහිතව අර්ථ දැක්වීය.
ඕනෑම රාජ්‍යය අමාත්‍ය මණ්ඩලයේ සංයුතියේ තාර්කික බවක් තිබිය යුතු බවත් එය ඇති කිරීම සඳහා වෙරිටේ රිසර්ව් ආයතනය කළ අධ්‍යනයක් මගින් අමාත්‍ය මණ්ඩල 15 ක ආකෘතියක් නිර්මාණය කර ඇති බවත එම ආකෘතිය ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂ වලට ලබා දීමටද බලාපොරොත්තු වන බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා පැවැසුවේය.