By unusuma.lk on
(LK time)නවක පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමි වරප්රසාද මේ වනවිට ඒ ආකාරයෙන්ම ලබාදෙන බවත් එම වරප්රසාද කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවද පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර සදහන් කළාය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්රී ප්රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත ලබාදෙන බවද මහ ලේකම්වරිය සදහන් කළාය.
108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් සදහාන් 28ක් විපක්ෂයේ මන්ත්රීවරුන් සදහාත් වෙන්කර ඇති බවත් මේ වනවිට මන්ත්රී නිවාස ලබාගැනීම සදහා අයදුම්පත් 35ක් ලැබී ඇති බවද මහ ලේකම්වරිය සදහන් කළාය.
පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බවද මහ ලේකම්වරිය තවදුරටත් සදහන් කළාය.