හිටපු අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට හා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර පාර්ලිමේන්තුව විසුරු හැරීමෙන් පසුව අවලංගු වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සදහන් කළාය.
ඒ සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දුන් බවත් එම ගමන් බලපත්‍ර අහෝසි වූ බවට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවද දැනුම් දුන් බවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සදහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සිටින කතානායක, නියෝජ්‍ය කතානායක, විපක්ෂ නායක සාමාජික මන්ත්‍රීවරුන් තිදෙනා හැර පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් 219කගේ සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ එම රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසි කර ඇත.
ඒවා හොද වැඩ.
විශිෂ්ඨයි